මේ වන විට පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීම සඳහා අවධානය යොමුකර ඇත.
මේ පිළිබඳව අවධානය යොමුව ඇත්තේ පසුගිය දා රැස් වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශන කාරක සභාවේ දී බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එහිදී අදාළ කොමිෂන් සභාවට නීති ,වෝහාරික විගණන, ගිණුම්කරණ, රාජ්‍ය පරිපාලන ඇතුළු ක්ෂේත්රවල වසර 20කට වැඩි පළපුරුද්දක් සහිත පුද්ගලයින් පත් කිරීමට ද අවධානය යොමුව තිබේ.
කෙසේ නමුත් පැමිණෙන සෑම ආණ්ඩුවක්ම දූෂණය වංචාව තුරන් කරනවා මැයෙන් කෙතරම් කොමිෂන් සභා පිහිටෙව්ව ද අද වන තෙක් ඔවුන් ඇල්ලූ හොරෙක් වංචාකාරයෙක් නම් පෙනෙන්නට නැත.
බලයට පැමිණි පසු සියලු සොරුන් එකවල්ලේ පොල් මෙන් එකා මෙන් එක්ව රට කාබාසිනා කිරීම සිදු පමණක් සිදු කරයි.”ස්වාධීන” යන වචනය වචනයක් පමණක් කරමින් දූෂණය වංචාව සිදුකරන බලවතුන් ආරක්ෂා කරමින් මෙම කමිටු බොරු රඟදැක්වීමක් පමණක් මෙපමණ කලක් සිදු කර ඇති බව අප ජනතාව වන ඔබට මතක් කර සිටින්නෙමු.