අලියාගෙන් පොහොට්ටුවට දල ප්‍රහාරයක්.

ශ්‍රී ලංකාවේ දේශපාලනය දෙස අවධානය යොමුකරන විට විවිධ දේ දකින්නට මෙන්ම අසන්නටද ලැබේ. පෙනෙන්නට තිබෙන ආකාරයට ලගදීම දැවැන්ත දේශපාලන විපර්යාසයක් සිදුවීමට ඉඩ තිබේ. මේ වන විට ජනාධිපතිවරයා දේශපාලනය නොකරන බවට නිවේදනය කර , ඉදිරි මැතිවරණයේදී දේශපාලන වේදිකාවට ගොඩ නොවීමට තීරණය කර තිබේ. එය අප දුටු අතීත ක්‍රමයකි. එය නවතම පූර්වාදර්ශයකි. ඇතුලාන්තයෙන් කුමක් සිදු වුවත් මතුපිටින් හෝ එවැනි දෙයක් සමාජගත කිරීම විශිෂ්ඨ ක්‍රියාවකි.

මේ විපර්යාශ අතරේ ලංකා බැංකුවේ සභාපතිව කාංචන රත්වත්තේ මහතාගේ දූර කාලය පස්සුගියදා අවසන්විය. මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට සේවා දිගුවක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. පොහොට්ටුවේ තවත් ප්‍රබලයන් කිහිප දෙනෙකුම එසේ ඉල්ලා තිබේ. එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් සේවය දීර්ඝ කිරීමට අදාළ ලිපිය අද ලබාදෙන බවට ජනාධිපති ලේඛම් සමාන ඒකනායක මහතා දැනුම් දී තිබී ඇත. කෙසේ නමුත් අද පස්වරුවේ කාංචන රත්වත්තේ මහතාගේ සේවා දීර්ඝ කිරීම වෙනුවට   ලංකා බැංකුවේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කර තිබෙන බවවාර්තා වේ.

පොරොන්දු වූ පරිදි කටයුතු නොක රොනල්ඩ් පෙරේරා මහතා එකී තනතුරට පත්කර තිබීම පොහොට්ටුවේ ප්‍රබලයින්ගේ කනස්සල්ලට හේතු වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව පෙනී යන්නේ දෙපාර්ශ්වය අතර යම් යම් විරසකවීම් ඇතිවෙමින් තිබෙන බවයි. ඒ අතරම ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම සන්ධානය මේ මස අවසානයේ නිර්මාණය වීමටද කටයුතු සිදුවෙමින් පවතින බවද වාර්තා වේ.

Exit mobile version