අලි ඇතුන් පිළිබඳ සංගණනයක්

විහාරස්ථාන වෙත ලබා දී ඇති අලි ඇතුන් සම්බන්ධයෙන් වනජීවි අමාත්‍යාංශය සමග එක්ව සංගණනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවට බුද්ධ ශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු පවසා ඇත්තේ කුමන සතෙකුට වුවද සිදුවන හිංසා අනුමත කළ නොහැකි බවයි.

මේ අතර තමන් පොදුජන පෙරමුණේ සාමාජිකයෙකුද යන්න මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා තිබේ.

Exit mobile version