මහනුවර ඇසල පෙරහැරේ කුඹල් පෙරහර ගමන් කරන අතර තුර සිදු වූ අලි කලබලයට හේතුව මේ වනවිට හෙළිවී ඇති බව වාර්තාවේ. ඒ මහනුවර ශ්රී කතරගම දේවාලයේ දෑලේ ගමන් ගත් ඇතකුට කොප්පරා ගිනි අගුරු කැබැල්ලක් පෑගීම බව මේ වන විට තහවුරු කර ගෙන තිබේ.
අගුරු වැටී සතුන්ට පෑගීම කොප්පරා පන්දම් රැගෙන යන්නන්ගේ හා ඒවායේ අගුරු ඉවත්කරන්නන්ගේ නොසැලකිල්ල බව පැහැදිලිවේ.
ගිනි අගුරු පෑගුණ ඇතා කලබල වීමත් සමග අනෙකුත් අලි ඇතුන් ද කලබලයට පත්ව එහෙ මෙහෙ දිවගොස් තිබේ. ඉන් පසුව ඇත් ගොව්වන් හා සංවිධායකවරුන් එක්ව දැඩි පරිශ්රමයක් දරා ඇති වූ තත්ත්වය සුළු වේලාවකින් පාලනය කිරීමට සමත්ව තිබේ.
දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් ඇත් ගොව්වන්ට, කොප්පරා පන්දම් රැගෙන යන්නන්ට හා ඒවායේ අගුරු ඉවත් කරන්නන් හට දැනුම් දී ඇත්තේ ඉදිරි දින වල පෙරහැර ගමන් කරන අතර තුර අලි ඇතුන් හට මෙවැනි සිදුවීම් නොවීමට වගබලා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.