සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ජන හමුවකදී අලි පොහොට්ටු ගනුදෙනුව හා ඡන්දය කල් දැමීම පිළිබඳ තොරතුරු සාකච්ඡා කරන ලදි.
එක්සත් ජාතික පක්ෂය අලි පොහොට්ටු නාම යෝජනා අනුමත කල ද දුරකථනය හෙවත් සමගි ජන බලවේගයේ නාම යෝජනා අහෝසි කරනු ලැබූ බවත් මෙතුමා විසින් පවසන ලදි. ඒ අනුව ඔවුන් කිසි විටෙකත් පරාජය බාර නොගන්නා බවත් සියල්ලෝම එක්ව කටයුතු කල යුතු බවත් මෙහිදී අවධාරණය කරන ලදි.
ඡන්දය කල් දැමීම යනු ප්රජාතන්ත්රවාදි අයිතීන් උල්ලංඝනය කිරීමකි.මෙය නීතිමය වශයෙන් විශාල වරදක් බවත් මේ සදහා පියවර වශයෙන්
- ජනතාව සමඟ එකතු වී රට පුරා විරෝධතා වැඩසටහන් පැවැත්වීම.
- අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම.
- ජාත්‍යන්තර ප්‍රජාව මේ පිළිබඳ දැනුවත් කිරීම හැදින්විය හැකය.
මෙලෙස සියලු දෙනාම ඡන්දය කල් දැමීම පිළිබඳ විරෝධතා සිදු කල යුතු බවත් එසේ නොකලහොත් රජය ඔවුන්ගේ ඒකාධිපති ගමන නිසැකයෙන්ම ගමන් කරන බවත් තිස්ස අත්තනායක මහතා මෙම ජන හමුවේදි වැඩිදුරටත් අවධාරනය කරන ලදි.