අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මුස්ලිම් නීතිය යටතේ පැවති මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ තහනම් කිරීමට හා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමටත්, කාති උසාවි අහෝසි කිරීමටත් තීරණය කර තිබිණි.
ව්‍යවස්ථා සම්පාදන පිළිබඳ ඇමැති මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යාංශය 2021 මාර්තු මස අටවැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙම සංශෝධන ඇතුලත් කොට තිබිණ.
නමුදු එම සංශෝධන වෙනස් කරමින් මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබාදී හා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කරයි.
එසේම අලි සබ්රිගේ ඉල්ලීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා එයට විරුද්ද වෙමින් එක් එක් ජාතීන්ට අවශ්‍ය ලෙස නීති ගෙන ඒම නොකළ යුතු බවත ජනාධිපති තුමාගේ කාර්ය සාධක මණ්ඩල වාර්තාව පැමිණෙන තෙක් සිටිය යුතු බවද සදහන් කර තිබේ. මෙහිදී අමාත්‍ය අමත්‍ය විමල් වීරවංශ මතද අදහස් දක්වා තිබේ.
කෙසේ හෝ අමත්‍ය මණ්ඩලය මගින් එකම රටක් එකම නීතියක් කාර්ය සාධක බලකා වාර්තාව ලැබෙන තෙක් එම යෝජනාව ඉවත් කර තිබේ.