අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙයි .?

අධිකරණ ඇමති මොහමඩ්  අලි සබ්රි මහතා තම ඉල්ලා අස් වීමේ ලිපිය බාර දුන් බව විවිධ නිළ නොලත් ආරංචි මාර්ග පවසයි. කෙසේ වුවද මේ පිලිබඳව විමසීම සදහා අප එතුමාව සම්බන්ද කර ගැනීමට උත්සාහ කලද එය සාර්ථක නොවීය. නිළ නොළත් ආරංචි මාර්ග පවසන්නේ අද උදෑසන ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බර දුන් බවය.

එකම රටක්, එක නීතියක් යන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට ගලබොඩ අත්තේ ඥාණසාර හිමි පත් කිරීම පිලිබඳව, මොහමඩ් අලි සබ්රි මහතා  කනස්සෙල්ලෙන් සිටි බව වාර්තා වන අතර ඊයේ (05) ජනාධිපතිතුමා සමග පැවති සාකච්ජාවකදී ඔහුට තිබුණු ගැටලුව නිරාකරණය කර ගත් බවද වාර්තා වේ.

කෙසේ වූවද අධිකරණ ඇමති අලි සබ්රි මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දුන්නාද ?, නැද්ද? යන්න නිශ්චිතවම ඉදිරියේදී අනාවරණය වනු ඇත. 

Exit mobile version