සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද්ගේ ඇරයුමකට අනුව මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි එළබෙන 23 වනදා සිට 27 වනදා දක්වා නිල සංචාරයක් සදහා මෙරටින් පිටව යාමට නියමිත බව සහ එහිදී සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
විදේශ අමාත්‍ය අලි සබ්රි සෞදි අරාබි රාජ්‍යයේ ඉස්ලාමීය සහයෝගිතා සංවර්ධනය , ඉස්ලාමීය සංවර්ධන බැංකුව , ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ නිලධාරීන් සහ මදීනාව සහ මක්කම යන නගරවල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද නියමිත බව ද ප්‍රකාශ කරයි .
එම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබදතා ඉහළ නැංවීම සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා කරයි .