මහනුවර නගරයේ නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක් වන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල සංකීර්ණයේ නවවසරට සුභ පතා සර්වා රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා තිබේ. එදින ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාද පැමිණ තිබේ.
එම ආයතනයේ පිරිත් මණ්ඩපයට අමතරව මත්පැන් මණ්ඩපයක්ද තිබී ඇත. සූර් වූ රාජ්‍ය නිලධාරීන් මත්වතුර මණ්ඩපයේ සිට තවත් දේශනාවක් තබා තිබේ. එහිදී ඔවුන්ගේ දේශනාව සමඟ ගුටි බැටද හුවමාරු වී තිබේ. එසේම මෙම සිද්ධිය අධ්‍යක්ෂක ජනරාල්වරයාද දැනෙගන තිබෙන බව අප වෙත ලැබී තිබෙන වාර්තාවේ සඳහන් වේ.
බෞද්ධයන්ට නම් රහමෙර භාවිතා නොකරන ලෙස තමන්ගේ සීලය තුලම සඳහන් කර තිබේ. එය විනාශයට මුලක් බව මේ වන විටත් ඔප්පු වී අවසන්ය. නමුත් මත්ද්‍රව්‍ය තම ජීවිතයේ කොටසක් බවට ඔවුන් පත්කරගෙන තිබේ. ජීවිතයේ සියලුම වටිනා අවස්තාවන් ඔවුන් ගත කරනුයේ තමන්ගේ දියුණුවට එරෙහිවන එම වටිනා සිල් පදය බිඳ දමමිනි. ඔවුන් අවුරුද්දක් අවසන් කරන්නේද, අවුරුද්දක් ආරම්භ කරන්නේද එම සිල් පදය බිඳිමිනි. ඉතින් රටක් කවදාවත් දියුණු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.
මත්පැන් ඇතුළු තහනම් මත්ද්‍රවයවලින් මුසපත් වූ ශ්‍රී ලංකාව තව දුරටත් සමාජීය වශයෙන් විනාශයට පත්වන්නේ රාජ්‍ය සේවයේද ඉහල පුටුවල සිට පහලටම මේ අකාරයෙන් බේබදු සිහිවිකල් පරපුරක් බිහිව තිබෙන බැවිනි.
(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගෙන ඇත)