අලුත් ප්‍රබේද එන්නත් මගින් පාලනය කල නොහැකි වේවිද ..?

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද තවදුරටත් මතුවන බවට චීනයේ ඉහළ පෙළේ වෛරස් රෝග විද්‍යාඥයෙකු අනතුරු අඟවා ඇත.

සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතට අනුව , “වවුලාගේ කාන්තාව” ලෙස සමහරු හඳුන්වන ෂී ෂෙන්ග්ලි පැවසුවේ, අනාගත ලෝකය  අඛණ්ඩ කොවිඩ් ප්‍රබේද  වර්‍ග ගණනාවක් සමඟ ජීවත් වීමට  සූදානම් විය යුතු බවයි.

“ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉතා විශාල වී ඇති හෙයින්, එය  නව කොරෝනා වයිරස් විකෘති වීමට සහ තෝරා ගැනීමට වැඩි ඉඩ ප්‍රස්ථා ලබා දුන් බව ෂී පැවසීය. නව ප්‍රභේද අඛණ්ඩව මතු වන බවටද  ඇය අනතුරු හැඟවීය. කෙසේ වුවද වර්තමානය තුල පැතිරෙන වෛරසය තුලින් බේරීම සදහා එන්නත්කරණය කල යුතු බවද ඇය අවධාරණය කළාය.

රාවණා – සටහන

එම වෙනස් වන ප්‍රබේද වලට අනුව මෙම එන්නත්කරණය සාර්ථක වේද?. ශ්‍රී ලංකාව මේ නිවේදනය දෙස අවධානය යොමු කර තිබේද?. වෙනස් වන ප්‍රබේද මත නැවත නැවත විවිද එන්නත් සෙවීමට සිදු වේද? එන්නත්කරණය සමග ප්‍රබේද කෙසේ නිර්මාණය වේද?. මේ ආදී ප්‍රශ්න රාශියක් පිලිබදව අවදානය මේ මොහොතේම යොමුකිරීම අත්‍යාවශ්‍ය වේ.  ඉදිරියේදී පැමිණෙන ගැටළු ඉතාම දරුණු විය හැකි අතර ඒ වෙනුවෙන් කටයතු සියල්ල සූදානම් කල යුතුය. රජයේ උපදේශකවරු දැන්ම සිටම මේ සදහා සැලසුම් සැකසිය යුතුය. එසේ නොමැති වුවහොත් දිනෙන් දින අපගේ සමීපතමයන් අපෙන් වෙන්ව යනු ඇත.

Exit mobile version