ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා තේරීමේ නිලවරණය ඊයේ (13) බදුල්ල දිස්ත්රික් ලේඛම් කාර්යාලයේදී පැවැත්විණි.
ඒ සදහා තරග කරනු ලැබුවේ හිටපු දියවඩන නිළමේවරුන් වන කුඩා බංඩා නුගවෙල පරපුරේ වර්තමාන මුණුබුරෙක් වන චරිත නුගවෙල මහතා සහ දුෂණ චෝදනා වලට ලක්ව සිටින හිටපු බස්නායක නිළමේවරයාගේ බාප්පා කෙනෙකු වන කුමාරසිංහ බංඩා නමැති මෙම ගම්මානයේම සේවය කරන ලද හිටපු ග්රාමසේවක නිලධාරියෙකි.
නිළවරණයෙන් චරිත නුගවෙල මහතා ඡන්ද 4 ක් සහ කුමාරසිංහ බංඩා මහතා ඡන්ද 8 ක් ලබාගත් අතර ප්රාදේශීය ලේඛම්වරු 5 දෙනෙකු සහ බස්නායක නිළමේවරු 3 දෙනෙක් ජයග්රහණය කරන ලද පාර්ශවය වෙනුවෙන් ඡන්දය ප්රකාශ කර තිබෙන අතර, පරාජිත පාර්ශවය වෙනුවෙන් ප්රාදේශීය ලේඛම්වරු තිදෙනෙක් ඡන්දය ලබා දී තිබේ.
මෙම ගම්වැසියන් 10000 කට ආසන්න ප්රමාණයක් අත්සන් කරන ලද ලිපියකින් චරිත නුගවෙල මහතා මෙම ගම්මානයේ පාලකයා ලෙස පත්කර දෙන ලෙස ඉල්ලා තිබේ. ලේඛම්වරු භාවිතා කරනුයේ එම ගමේ වැසියන්ගේ ඡන්ද අයිතිය බැවින්, මහජන ඉල්ලීමට අනුව කටයුතු කිරීමට ප්රාදේශීය ලේඛම්වරු බැදී සිටී. කෙසේ නමුත් ලක්ෂ ගණනක අල්ලස් මුදලකට ප්රාදේශීය ලේඛම්වරු පස් දෙනෙකුගේ ඡන්දය විකිණි තිබෙන බව තතු දත් ආරංචි මාර්ග සදහන් කලේය.
නව නිලවරණයෙන් පත්ව සිටින නිළමේවරයාද ග්රාමසේවක කාලයේ මෙම ගම්මානයේ ඉඩම් සම්බන්ධව කටයුතු කිරීමේදී වංචා සහ දූෂණ සිදු කළ බවට ගම්වාසීන් චෝදනා කරයි.
කෙසේ නමුත් ප්රාදේශීය ලේඛම්වරු සිදු කළේ බරපතල ගැටුම් ගණනාවක් නිර්මාණය කිරීමය. මේ වන විට පවතින උද්ඝෝෂණය සදහා පැමිණෙන පුද්ගලයන් හරවා යැවීමට නව බස්නායක නිළමේවරයාගේ කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
කෙසේ නමුත් සොරගුණේ ගම්මානය අනාගතයේ ගැටුම්වලින් පිරී පවතිනු ඇත. එයට වගකිව යුත්තේ සල්ලි කෑදරකමට ප්රාදේශීය ලේඛම් තනතුර පාවා දුන් ප්රාදේශීය ලේඛම්වරු පස් දෙනාය. එසේම පීඩිත මිනිසුන් වෙනුවෙන් විවිධ පුද්ගලයන් දිගින් දිගටම පෙනී සිටිනු ඇත.