ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සදහන් කරන්නේ මේ වන විටත් අවදානම් ප්‍රදේශ ලෙස නම් කර රතු නිවේදන නිකුත් කර තිබියදීත් ඉන් ඉවත් නොවන පිරිස් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
ඔහු සදහන් කරන්නේ පසුගිය දින 10 තුළ දී ලංකාවේ දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 126කට මෙම ආපදා තත්ත්වය බලපා ඇති අතර මේ වන විට පුද්ගලයින් 20ක් මියගොස් ඇති බවයි.
එමෙන්ම එක් අයෙක් අතුරුදන්ව තවත් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 126ක් තුළ පවුල් 17,481ක් පුද්ගලයින් 62,247ක් පසුගිය දින කිහිපයේ දී ආපදා තත්ත්වයන් හමුවේ බලපෑමට ලක්ව ඇති බවද ඔහු පෙන්වා දී ඇත.