අවන්හලේ පිපිරීමට හේතුව?

අද (20) අලුයම කොළඹ තුරඟ තරග පිටිය ආසන්නයේ පිහිටා ඇති පෞද්ගලික අවන්හලක පහල මාලයේ හටගත් ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට මේ වන විට තහවුරු කර තිබේ.

ගින්න හටගත් අවස්ථාවේ දී ගොඩනැගිල්ල තුළ පිපිරීමක් ද  සිදුව ඇති හෙයින් ගොඩනැගිල්ලට දැඩි ලෙස හානි සිදුව ඇත.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර පුද්ගලයින් දෙදෙනෙකු පමණක් සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එලෙස තුවාල ලබා ඇත්තේ ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි රථගාලේ රැඳී සිටි තරුණයින් දෙදෙනෙකු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

මේ වන විට තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

Exit mobile version