අවිධිමත් රිය ධාවනය 11 හැවිරිදි දරුවා මරු තුරුලට.

සිය මව සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 11 පමණ වන දරුවකු අනුරාධපුර කඩ 30 ප්‍රදේශයේදී  අද (21) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්‍ෂයටපත්ව ඇති බව වාර්තාවේ.

යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවන අතර යතුරු පැදිය පැදවූ මව බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අනුරාධපුර පොලිසිය  අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබයි.

Exit mobile version