අවිවාහක ජේෂ්ඨ පොලිස් නිලධාරිනියක් ළමා සහ කාන්තා ගැටළු විසඳීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල පුටුවකට

අප ඉහත මාතෘකාව සදහන් කර තිබෙන්නේ කිසිම පුද්ගලයෙකුට නින්දාවක් හෝ අපහාසයක් කිරීමට නොවන නමුත් හුරු පුරුදු , අත් දැකීම් නැති පුද්ගලයන් බොහෝ ස්ථානවලට පත් කිරිම නිසාම ශ්‍රී ලංකාව මෙතරම් ගැටළු ගනනාවකට මුහුණ දී තිබෙන බැව් සත්‍යයකි. මේ තත්වයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට නම් සියලුම කාරණාවලට අයත් පුද්ගලයන් එම කාරනවලටම යොමු කල යුතු අතර එම තනතුරුවල සිටිනා පුද්ගලයන් සත්‍යවාදීව එම කටයුතු කිරීමට කටයුතු කල යුතුව තිබේ. එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ මහතාගේ න්‍යායන් තව දුරටත් සිදුකිරීමෙන් වැළකීම කාගේ කාගේත් යුතුකම සහ වගකීම විය යුතුය. මෙම ලිපියට හේතුව වන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කටයුතු පිලිබඳව ඉහල පුටුවකට අවිවාහක උසස් නිලධාරිනියක් පත් කිරීම සදහා අවශ්‍ය කටයුතු  සිදුවෙමින් පවතින බව අප වෙත වාර්තා වීමයි.

අවිවාහක වැඩිහිටි පිරිමි, සහ කාන්තාවන් මෙන්ම දරුවන් අහිමි වැඩිහිටි කාන්තාවන්ද ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවල ප්‍රධානින් වි සිටිති. එවැනි සෑම ආයතනයකම සේවකයන් සේවය කරන්නේ දැඩි කලකිරීමකිනි. එවැනි බොහෝ කාන්තාවන්ගේ තත්වයද කනගාටුදායක වේ. ඒවා ලිවීමෙන් යම් අපහාසයක් හෝ නින්දාවක් විය හැකි බැවින් එවැනි දේවල් සදහන් නොකිරීම අපගේ ප්‍රතිපත්තියකි.

නමුත් ළමයි සහ කාන්තාවන් සම්බන්ධ ආයතනවලට එසේ අවිවාහක, දරුවන් නැති වැඩිහිටි නිලධාරීන් පත් කරන්නේ නම් ඒ පිලිබඳව අවධානය යොමු කල යුත්තේ වර්තමානයට ගැලපෙන අකාරයටය. වර්තමානයට අනුව සියල්ලම තීරණය කරනුයේ විද්‍යාත්මක සහ තාක්ෂණික ක්‍රම වේදයන් වලට අනුවය. කාන්තාවන් සහ දරුවන් යනු තවත් ප්‍රජාවන් දෙකක විවිධ පීඩාවන්ට ලක්ව සිටින සමාජයේ වටිනාම සම්පත් දෙකයි. ඔවුන්ගේ ප්‍රශ්න විසදීම සදහා අත් දැකීම්. හුරුපුරුදු මෙන්ම සමාජ විද්‍යාත්මක දැනුමද තිබිය යුතුය. හැසිරිම්වාදය නොහොත් අනෙකාගේ චර්යාවන් හදුනාගැනීම තුලින් මානවවාදී නොහොත් පරාර්ථකාමී ලෙස කටයුතු කිරීමට නම් අවබෝධ කරගැනීමේ ක්‍රියාවලිය ඉහලින්ම තිබිය යුතුය.  (Cognitive, Behaviourist and Humanistic). අනෙකාගේ ඒ දේවල් හදුනාගැනීමට නම් තමන්ද එම විෂය තුල කිදා බැස තිබිය යුතුය. මේ විග්‍රහයන් තුල තවත් නොපෙනෙන විෂයන් ගනනාවක් තිබේ.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය පවා ශ්‍රී ලංකාවේ දරුවන්ගේ යුතුකම් හා වගකීම් තුට්ටුවකටවත් මායිම් නොකරනා බව අප මීට පෙරද සාක්ෂි සහිතවම අනාවරණය කර තිබේ. වීරකැටියේ පාසල් සිසුවාට වීරකැටිය පොලිස් ස්ථානාධිපති විසින් යුක්තිය ඉටු නොකිරීම, මහරගම ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක 6 වසරේ දැරිවියකට පහර දීම, ගොඩකවෙල රාහුල ජාතික පාසලේ දරුවෙකුට පහරදීම සහ පමුණුගම පොලිසියේ බුද්ධි අංශ නිලධාරියෙකු දරුවෙකුට පහර දී පියාට ගලකින් පහර දී දින ගනනාවක් සිහිය නොමැතිව සිටීම, (එම දරුවන්ගේ මවද මිය ගොස් තිබේ) පිලිබදව වාර්තා කර තිබුණි. නමුත් එයින් යම් තාක් හෝ යුක්තියක් ඉටු වූ බව වාර්තා වන්නේ ගොඩකවෙල පොලිසියට අයත් රාජකාරිය තුලින් පමණි.

ගෝඨාභය එළවීමට පමණක් කටයුතු සිදු වුයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිලධාරීන් මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ හොරකම්, දූශිත සහ වංචනික ක්‍රියාකලාපයන් මෙරට මහජනතාවට දැනගැනීමට නොහැකි වූ නිසාය. කෙසේ වෙතත් ඉදිරිය නීතිය ක්‍රියාත්මක නොකරන , නීතිය වැරදි ආකාරයට ක්‍රියාත්මක කරන සියලු නිලධාරීන්ට යහපත් කාලයක් බවට පත් නොවනු ඇත.

එබැවින්, පොලිස්පතිතුමනි, මෙරට කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ප්‍රශ්න විසදීමේ කටයුතු සදහා යෙදවිය යුත්තේ මවක් බිරිදක් සහ ඒ පිලිබදව උගත් කාන්තාවකි. එසේ නොමැතිව අත්දැකීම් නොමැති අය පත්කිරීමෙන් ඇතිවන ගැටළුවලදී අපට ලියන්නට සිදුවන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම එරෙහිවය. එබැවින් මේ වටිනා ප්‍රජාවන් දෙක සුරකෂා කල හැකි පුද්ගලයන් අදාළ ස්ථානවලට පත් කරන්නේ නම් එය ඔබටද පුණ්‍ය ක්‍රියාවක් වනු ඇත.    

Exit mobile version