අවිශ්ක ප්‍රනාන්දුත් හෙට තරඟයෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ඔස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියේ හෙට (20) පැවැත්වීමට නියමිත තරඟයෙන් ඉවත් කර ඇත.

ඊට හේතුවී ඇත්තේ ඔහුට සිදු වූ ආබාධයක් බව වාර්තා වේ.

හෙට පැවැත්වීමට නියමිත තරඟය සඳහා පුහුණුවීම් සිදුකරන අතර තුරදී අවිශ්ක ප්‍රනාන්දු සිය දණහිසෙහි ආබාධයකට ලක්ව ඇත.

එමෙන්ම එම ආබාධය හේතුවෙන් ඔහු එරටදීම ශල්‍යකර්මයකට ද මුහුණදීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඔහුගේ මෙම ආබාධය සම්පූර්ණයෙන් සුවවීම සඳහා අවම වශයෙන් මාස 03ක කාලයක් ගතවන බව ද සඳහන්වේ.

Exit mobile version