බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ තිබෙන සොරගුණේ කුඩා කතරගම දේවාලය අවුරුදු ගණනාවකට පසුව දහස් ගණනක් ජනතාවගේ සහභාගීත්වයෙන් එම ප්‍රදේශයම වෙසක් සිරියෙන් ආලෝකමත් බැබළුණු බව වාර්තා වේ.
මේ වන විට එහි වැඩ බලන බස්නායක නිළමේවරයා ලෙස කටයුතු කරන චරිත නුගවෙල මහතා විසින් රාජකාරී මණ්ඩලය හා එක්ව දින කිහිපයක් ඇතුළත වෙසක් මංගල්‍ය සැමරීම සදහා ප්‍රදේශයේ නින්දගම්වාසී ජනතාවත් නින්දවාසී නොවන ජනතාවත් එක්ව මෙසේ දැවැන්ත වෙසක් උත්සවයක් සංවිධානය කර තිබුණි
මෙහිදී අවුරුදු දෙකක් පුරා ආලෝකමත් නොවූ දොළොස්මහා පහනද නැවත ආලෝකමත් කිරීමට කටයුතු කර තිබෙන අතර විශාල ජනතාවක් අවුරුද්ද ගණනාවකඑට පසුව පෙහෙවත් සමාදන්ව සිටියහ. එසේ පැමිණි සියලු දෙනාටම උදෑසන , දහවල් ආහාර පාන ආදිය සියල්ලම වැඩබලන බස්නායක නිළමේ චරිත නුගවෙල මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දීමට කටයුතු කර තිබුණු බවට ද වාර්තා වේ.
එසේම පොසොන් උත්සවය ද මීටත් වඩා උත්සවශ්‍රීයෙන් පැවැත්වීම සදහා නින්දගම්වාසී ජනතාව මෙන්ම ඒ අවට සිටින ජනතාව ද අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් සිටින බවට ද අපට වාර්තා වේ .