සාලිය අශෝකමාලා පෙම් පුවත නැවතත් මතක් කරන්න,ඒ හා ගොඩනගා තිබූ දැවැන්ත විහාර සහ ස්ථූප නැවතත් අනාගත පරපුරට දායාද කරන්නට වෙහෙසෙන පරපුරක් සොයා අපි ගියා රාජාංගනයට. හෙල වැසියන් විසින් විනාශ කරන ලද මහා මංගල සෑය නැවතත් ඉදිකරන්නට, එම ප්‍රදේශයේ වැසියන් දැවැන්ත උත්සහයක නිරත වෙනවා. මේ ඒ පිළිබඳව අප ගෙන එන වාර්තාවකි.
රෝමියෝ ජුලියට් , ලයිලා මජ්නූන් වගේ ලෝකයේ ජනප්‍රිය ප්‍රේමකතා හා සමානව ශ්‍රී ලංකාවේ උදවිය අතර කථා බහට ලක්වෙලා තියෙන පෙම් කථාවක් තමයි සාලිය අශෝකමාලා පෙම් කථාව .මෙය හෙළ ඉතිහාසය දන්න ,රටට ආදරය කරන අප රටේ උදවිය දන්නා ප්‍රේම කථාවකි. සාලිය කියන්නේ ශ්‍රී ලංකාවට පහල වූ ශේෂ්ඨතම රජ කෙනෙකු වන දුටුගැමුණු රජතුමාගේ එකම පුතණුවන් වන අතර අශෝකමාලා යනු චණ්ඩාල කියන එකල පහත් කුලයකට අයත් වූ තරුණියකි. ඇය අශෝක නම් ගසක මල් නෙලමින් සිටි අවස්ථාවක අහම්බෙන් වගේ සාලිය කුමාරයා දැක තිබේ . සමහර ජනප්‍රවාද කථාවල දක්වා තිබෙන්නේ අශෝකමාලා ඒ වෙලාවේ ඉතාම මිහිරි හඩින් ගීත ගයමින් සිටි බවයි . කෙසේ වුවත් මෙය රසබර ප්‍රේම වෘත්තාන්තයකි. නමුත් කුල ප්‍රශ්නය හේතුවෙන් මෙම ප්‍රේම කථාවට නොසිතූ ලෙස බාධා එල්ල විය. මෙවැනි ප්‍රේම කථා නිසා එකල අවසන් වශයෙන් සිදු වන්නේ ඔවුන්ට මරණ දඩුවම ලබා දීමයි. කොහොම වුවත් මේ ප්‍රේමකථාවේදී නම් මරණය වෙනුවට සාලිය අශෝකමාලාවන් පිටුවහල් කිරීමට දුටුගැමුණු රජු තීරණය කර තිබේ. කෙසේ වෙතත් ජනප්‍රවාදයේ මේ පිළිබඳව විවිධ කථා පුවත් තිබේ. පිටුවහල් කරාට පස්සෙ රජකම අත්හැර පැනලා ඇවිත් සාලිය කුමාරයා සහ අශෝකමාලාවන් ජීවත් වුණා කියන්නෙ රාජාංගනයේ කාඩිගල කියන ගල් පර්වතය ආශ්‍රිතවයි. අපේ අද මේ සංචාරයේ අරමුණ, අතීත මුතුන් මිත්තන් විසින් වර්තමානයට දායාද කරල තියෙන මේ කාඩිගල පර්වතය සහ අවට තිබෙන පුරාවස්තුව සියැසින් දැක බලා ගැනීමටයි.
මේ ස්ථානය පිහිටලා තියෙන්නෙ අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක මායිම් වන කලා ඔය හරස්කර බැදලා තියෙන රාජාංගනය ජලාශයට මැදිවයි. රාජාංගනය ජලාශයේ බැම්ම මතින් ඇති මාර්ගයේ ගොස් මෙම පර්වතයට ලගා විය හැකිය. ජලාශයේ සොරොව්ව අවසානයේ මෙම පර්වතය පිහිටා තිබෙන අතර එම ස්ථානයට යන විටම පර්වතය ඉහලට යාම සදහා පියගැටපෙළවල් 400ක් පමණ දක්නට ලැබේ.
මේ ස්ථානය පිළිබඳ මුල්ම සදහන තබන්නේ 1895 H.C.P. බෙල් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තැබු සටහනකය. ඔහුට අනුව විලච්චි කෝරලයේ සීමාව ආසන්නයේ කලා ඔයේ වම් ඉවුරේ කාඩිගල නම් වූ ගල් පර්වතයේ මුදුනට නැගීමට තිබූ ගල්පඩි පෙල ආරම්භ වන ස්ථානයේ “ගාමිණි අභය” කර වූ ශිලා ලේඛණයක් තිබී ඇත. එසේම නටඹුන් දාගැබක් ,කලකට ඉහතදී විහාරයක්ව තිබූ ගඩොල් සහිත ලෙනක බුද්ධ සහ විෂ්ණු ශිලා ප්‍රතිමා දෙකක් ගැනද විස්තර කර තිබේ. එසේම කදු මුදුනේ දෙවැනි දාගැබ විනාශ නොවී තිබූ බවද එහි ශෛලමය කොත තිබිය යුතු ස්ථානයේම තිබූ බවද ඔහු සදහන් කර තිබේ. කෙසේ නමුත් බෙල් සදහන් කල කිසිවක් මෙහි ශේෂව නොමැත.
මෙම ස්ථානය වසර දහස් ගණනක් ආරක්ෂා වී පැවතියද ඉතා කුඩා කලකින් සියල්ල විනාශ වී ගොස් තිබේ. මෙම ගල් පර් වතය නැගීමට තිබෙන ආරම්භක ස්ථානයේ තිබූ බවට සැලකෙන ශිලා ලේඛනය සෙනරත් පරණවිතාන මහතා විසින් ඉතා නිවැරදිව කියවා තිබේ.
ඒ අනුව, වසභ රජුගේ පුත් වූ තිස්ස රජ විසින් සිය මව් වූ ජීත දේවියට පිං පිණිස යමක් කරවූ බව සදහන් ලිපියකි. නමුත් මෙහි කරවූ දෙය පිළිබඳව පැහැදිලි යමක් ඉදිරිපත් නොවන නමුත් එය පිහිට වූ ස්ථානය සහ එහි වර්තමානයේ දැකිය හැකි නටඹුන් අනුව එය මෙම ස්ථානයේ තිබූ ආරාමය බව පැහැදිලි වේ.
ශිලා ලිපියේ දැක්වෙන වසභ රජු ක්‍රි.ව.65 -109 දක්වා කාලය තුල සිටි බවට ඉතිහාස කරුණු මගින් හෙලිදරව් වේ. වහබ රජු යනු වසභ රජු බවත් ඔහුගේ පුතු වංකනාසිකතිස්ස බවත් මහාවංසයට අනුව පැහැදිලි වේ.වංකනාසිකතිස්ස යන නාමය ඔහුට ලැබී ඇත්තේ වක් වූ නහයක් තිබූ නිසා බවද සදහන් වේ.
මහාවංස ලේඛකයා සදහන් කරන වංකනාසිකතිස්ස රජුගේ තුන් අවුරුදු පාලන කාලය තුල සිදු කල වැදගත්ම කාර් ය වන්නේ ගෝණ නදී තීරයේ ඉදිකල “මහා මංගල “නම් විහාරයයි. ගෝණ නදිය යනු වර්තමාන කලා ඔයයි.
අතීත ඉතිහාසයට අනුව කලා ඔය හරස් කර 1964දී ඉදිකරන ලද රාජාංගනය ජලාශ ඉවුරේ අදටත් නටබුන් ලෙස දක්නට ලැබෙන්නේ වංකනාසිකතිස්ස රජ කරවූ මහා මංගල වෙහෙර බව පුරාවිද්‍යා වාර්ථා වල සදහන් වේ.
මෙි වන විට මෙම ස්ථානය නැවත ගොඩනැගීමෙි කටයුත්ත සිදුවෙමින් පවතීග වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක බලාගත හැකිය. මෙි පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් යමක් කිරීමට කැමතිනම් ඔබටත් හැකි ඔිනෑම උපකාරයක් සිදු කල හැකිය.
වැඩ් විස්තර සදහා – 0710182823 ඔස්සේ, මහා මංගල සෑය ඉදිකිරීමි කමිටුවේ සභාපති මහවැවේ සෝභිත හිමි හා සමිබන්ද වන්න.
මුල්‍යමය ආධාර – මංගල මහා විහාර සෑය අරමුදල – ලංකා බැංකුව – 5 කණුව ශාඛාව- රාජාංගනය – ගිණුමි අංකය – 86121483