ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය පවසන්නේ වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දීම අදියර 03ක් යටතේ සිදු කිරීමට සැලසුම්කර ඇති බවය.
එහි පළමු අදියර වශයෙන් නිධන්ගත රෝග ලක්ෂණ පවතින දරුවන්ට එන්නත් ලබා දීමට නියමිත බවයි එහි සාමාජික ළමා රෝග විශේෂඥ වෛද්‍ය .ආර්.එම්.සුරන්ත පෙරේරා මහතා සඳහන් කළේ.
ඒ අනුව සැප්තැම්බර් මස අවසාන සතියේ සිට මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
මේ වන විට ළමුන් සඳහා ෆයිසර් එන්නත් පමණක් ලබා දීමට තීරණය කර ඇති බවයි වෛද්‍ය ආර්.එම්.සුරන්ත පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ.
“ බටහිර රටවල විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ බහුලව භාවිතා කරල තියන්නේ ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත.ඒකෙනුත් ෆයිසර් එන්නත තමයි වැඩිපුරම භාවිතාකරල තියන්නේ.අපේ දරුවන්ට වැක්සිනයක් දීලා මොකද වෙන්නේ කියන එක නොකළ යුතු දෙයක්.අපි කළ යුත්තේ බටහිර රටවල අත්හදාබලලා ඔවුන් පිළිගත්ත ක්‍රමවේදයට යන එක. මොකද එයින් අපිට වාසියක් ඇතිවෙනවා. අමෙරිකා එක්සත් ජනපදය ගත්තම මිලියන ගණනකට වැක්සිනය දීල තියනවා. ඉතාමත් අඩු ප්‍රමාණයක තමා සංකූලතා තියන්නේ.දැනට තියන වැක්සින් තොගය අනුව සංකූලතා තියන දරුවන්ට එය ලබා දීමට ගැටලුවක් ඇතිවෙන්නේ නෑ.මොකද අපිට අවශ්‍ය වන්නේ හැටදහසත් හැත්තෑ දහසත් අතර ප්‍රමාණයක්. අපි කළ යුත්තේ වෘත්තිකයින් හැටියට යම් ක්‍රමවේදයක් ගොඩනැගීම.අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන දරුවන්ට හේඳම දේ දෙන්න.”
මේ අතර රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ මෙරට තුළ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට පටහැනිව එන්නත්කරණය සිදුකිරීම නිසා මෙම ගැටලු ඇති වී ඇති බව ද ඔවුන් පෙන්වා දුණි.