එක්සත් රාජධානිය විසින් අවුරුදු 12-15 අතර සෞඛ්‍ය සම්පන්න ළමුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම නිර්දේශ නොකරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සෞඛ්‍ය සම්පන්න දරුවන්ට එලෙස එන්නත් ලබා දීම තුළින් ලබාගත හැකි ප්රතිලාභ අවම බවයි එන්නත්කරණ උපදේශකයන් පෙනාවා දෙන්නේ.
මේ අතර විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ ,ඔස්ට්‍රේලියාවේ දෛනාක කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාව නැවත අලුත් කරමින් ඊයේ දිනයේ එරටින් ආසාදිතයින් 1,758 දෙනෙක් වාර්තා වී ඇති අතර එරට ස්වදේශික ජනතාව අතරත් මේ වන විට වෛරසය පැතිරයමින් පවතින බවයි.
එසේම මේ වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22 කෝටි 10 ලක්ෂය ඉක්මවා ඇති අතර ලොව පුරා රටවලින් මෙම වසංගතයට බිලි වූ පුද්ගලයින් සංඛ්‍යාව 45 ලක්ෂ 74 දහසකට අධිකය.