අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට සැප්තැම්බර් 30 වන විට එන්නත්කරණය.

වයස අවුරුදු 18 වැඩි සියලු දෙනාට 2021 සැප්තැම්බර් මස 30 වන දා වන විට එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, ඒ සඳහා අවශ්‍ය කරන සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් හා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට රජය සූදානම්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මිලියන 14ක ජනගහනයක් සඳහා එන්නත් කරණය සිදු කිරීමට සූදානම් කර තිබූ අතර, එන්නත් මාත්‍රා මිලියන 19. 49ක් අගෝස්තු 09 වන දා වන විට මෙරටට ලැබී තිබූ බවයි.

එයින් මාත්‍රා මිලියන 11. 26ක තොගයක් පළමු මාත්‍රාව ලෙසද, එන්නත් මාත්‍රා 3.25 ක් දෙවන මාත්‍රා වශයෙන්ද භාවිත කර ඇත.

Exit mobile version