අවුරුදු 45කට පමන පසුව සොරගුණේ නින්දගමට එලියක්. පොසොන් කලාපයකුත් නම් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ඓතිහාසික කුඩා කතරගම දේවාලයේ මෙවර වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය ඉතා උත්කර්ශවත්ව සමරන ලදි.

අවුරුදු ගණනාවක වන්චනික පාලනයෙන් පිඩාවට පත්ව සිටි නින්දගම්වාසී පීඩිත ජනතාව , දූශිත පාලනයට එරෙහිවීමත් සමග ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිල බලයෙන් පත් කරන ලද එම පාලනය අවසන් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කරන ලදි.

එම පාලනය අවසන් කර වැඩ තහනමට ලක්ව සිටි බස්නායක නිලමේවරයා එම තීන්දුවට එරෙහිව රිට් පෙත්සමක්ද ගොනු කර තිබූ බවත් එය විභාග වී අවසන් වීමටත් ප්‍රථම අවුරුදු 5ක නිල කාලයද අවසන් විය. ඉන් අනතුරුව නිලවරනය තෙක් කටයුතු කිරීම සදහා වැඩ බලන බස්නායක නිලමෙවරයෙක් ලෙස හිටපු දියවඩන නිලමේවරුන් කිහිප දෙනෙකුගේ පරපුරෙන් පැවත එන චරිත සෙබස්තියන් නුගවෙල මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කරන ලදි.

මෙම පිබිදීම සිදු වන්නේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත් කර සිටින නුගවෙල මහතාගේ වැඩබලන බස්නායක නිලමේ ලෙස කටයුතු කරන මෙම තෙමස කාලය තුලයි. වෙසක් දිනය දා සොරගුනේ කුඩා කතරගම දේවාල පරිශ්‍රය සැඳැහැවතුන් සහ වන්දනාකරුවන් සිය ගණනින් පිරී ඉතිරී ගියහ. ඊට අමතරව පොසොන් පොහෝදින නිමිතිකරගෙන පොසොන් කලාපයක්ද ඇති කරන ලදි.

පොසෝන් පොහෝදා උදෑසන සීල සමාදානයේ සිට සවස දැහැත් ගිලන්පස බුද්ධ පූජාව පවත්වා පලමු කොටස අවසන් කරන ලදි.

ඉන් අනතුරුව රාත්‍රී 7.30 ට පමන පොසොන් කලාපය විවෘත කරන ලද්දේ ජනාධිපති මහජන සම්නබන්ධීකරණ ලේකම් තුසිත හල්ලොලුව මහතා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් චරිත නුගවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

පදමානවක ජාතක කතාව ඇසුරින් නිර්මානය කර තිබූ තොරණ සමග ප්‍රදේශයේ තරුණ තරුණියන් විසින් නිර්මානය කර තිබූ පොසොන් කලාපයේ නිර්මාන සදහා තෑගි ලබා දීමටද කටයුතු කරන ලදි.

2023.05.03, 04 සහ, 5 දක්වා පැවති පොසොන් කලාපය අවසන් වූයේ පුන්‍ය අත්දැකීම් සිහිකරමිනි. දේවාල පරිශ්‍රය තුල මෙවැනි කටයුත්තක් සිදු වූයේ අවුරුදු 45කට පමන පසුව බව ප්‍රදේශයේ වැඩිහිටියන් ප්‍රකාශ කරන ලද අතර 1997 ද මෙවැනි වැඩ සටහනක් පැවැත්වීමට ශ්‍රී සරනන්කර විහාරස්ථ නායක හිමි කටයුතු කර තිබේ. රට පුරා පැවති අනෙක් පොසොන් කලාපවලට වඩා මෙවර පොසොන් කලාපය වෙනස් වන්නේ යම් පීඩිත පාලනයකට පසුව ඇතිව තිබෙන විශාල පිබිදීමක් වන බැවිනි .

කෙසේ නමුත් මෙම මස 13 (2023.0613) වැනි දින අවුරුදු 5ක් සදහා ස්ථීර බස්නායක නිලමේවරයෙක් පත් කර ගැනීමේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබේ. ඉන් කවුරු ජයග්‍රහන ලැබුවත්, ඉදිරි පාලනයේ ඔවුන්ට යහපත් ලෙස සහ දැනට ඇතිව තිබෙන පිබිදීමට හානියක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට සිදු වනු ඇත. ඒ අනුව අවුරුදු ගනනාවකට පසුව ජනතාව විදින නැවුම් වෙනස වෙනස් නොකොට කටයුතු කිරීමට නව පාලකයාට සිදු වනු ඇත. එසේ නොවුනහොත් එම පාලනය ද අවසාන කිරීමට ඇති වන මහජන කැලබීම් ඇති වීම වැලැක්වීමට නොහැකි වනු ඇත.

Exit mobile version