අශෝභන ලෙස හැසිරුණු සිසුන්ට දුන් දඩුවම .

කොළඹ කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් සාමාන්‍ය පෙළ විභාගය අවසාන දිනයේදී පාසලේ විදුලි පංකාවලට , පාසලේ බිත්තිවලට මෙන්ම පාසලේ තාප්පයට හානි සිදුකර තිබෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොටහේන පොලිසිය හා කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අදාල සිසුන් හඳුනාගෙන පාසලට රැගෙන විත් දැඩි ලෙස අවවාද කර අලාභානි සිදු වූ සියල්ල ප්‍රතිසංස්කරණය කරන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව එම සිසුන් විදුලිපංකා අලුත් වැඩියා කර තාප්පවල අශෝභන ලෙස ලියා තිබූ වදන් ඉවත් කර තීන්ත ආලේප කිරීමටද කටයුතු කර තිබූ බව සදහන්.

Exit mobile version