අද (17) දින රක්වාන රෝහලේ ළමා ඒකකයට විශේෂ දවසකි.
එයට හේතුව වූයේ ළමා ඒකකයට අඩුවක්ව පැවති මෙට්ට, ඇඳ ඇතිරිලි සහ කුඩා පුස්තකාලයක් රෝහලට ලැබීමයි.
මේ සඳහා කැනඩාවේ පදිංචි අසංක ප්‍රනාන්දු මහතා සහ වෙන්ඩි මහත්මිය විසින් මුල්‍යමය දායකත්වය සපයා ඇති අතර ඔවුන්ගේ පුත් කේඩන් ගේ 07 වැනි උපන්දිනය නිමිති කරගනිමින් මෙම කටයුත්ත සිදු කර තිබේ.
එමෙන්ම මෙම කාර්ය සාර්ථක කරගැනීම සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලද්දේ ප්‍රජා පොලිස් නිලධාරිනී අමාලි රණතුංග මහත්මියගේ මුලිකත්වයෙනි.
එසේම ගොඩකවෙල බණ්ඩාරවත්ත ලී මොළ අධිපති සිසිර කුමාර මහතා ප්රමුඛ “අපි වෙනස් “ සංවිධානයද මේ සමඟ අත්වැල් බැඳගෙන තිබේ. මීට අමතරව සිසිර කුමාර මහතා විසින් සාදන ලද පොත් රාක්කයක්ද රෝහලේ ළමා ඒකකය වෙත ලබා දීමට කටයුතු කළේය.