අසාත්මිකතාවයකට ලක් වූ පාසල් සිසුන් දස දෙනකු පමණ අද(26 ) පෙරවරුවේ අකරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බඩල්ගම පොලිසිය කියයි .
ගොඩිගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් මෙසේ අසාත්මිකතාවයකට ලක් වී තිබේ.
පාසල් සිසු පිරිසක් විද්‍යාලීය භූමියේ කාණුවක් සුද්ද කරමින් සිට ඇතැයි ද ඒ අතර ඔවුන් මෙසේ අසාත්මිකතාවයකට ලක් වී කැසීමට පත් වීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූ බවට විද්‍යාලිය ආචාර්යවරයෙක් සඳහන් කර තිබේ.
පළමුව සිසුන් පස්දෙනෙක් හා සිසුවියන් දෙදෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇති අතර ඉන් අනතුරුව තවත් සිසු සිසුවියන් කිහිප දෙනෙකු කැසීමට ලක්වීමෙන් ඔවුන් ද ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි පොලීසිය පවසා තිබේ.