අසිරිමත් නත්තල උදාවිය

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල උදාවිය.

ශ්‍රී ලංකා වාසී මෙන්ම ලොවපුරා කිතුනු බැතිමතුන් නත්තල ඉතා උත්කර්ශවත් ලෙස සමරනු ලබයි.

මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය ද රාගම, තේවත්ත  බැසිකා දේවස්ථානයේ දී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය රටවාසි ජනතාව වෙත නත්තල් සුබ පැතුම් එක්කර තිබුණේ ජේසුස් ක්‍රිස්තුස් සමිදානන්ගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුණු ජනතාවට පමණක් නොව සමස්ථ මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය හා සාමය ගෙන දෙමින් සැමදෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක් වන බව ද සඳහන් කරමිනි.

පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ නත්තල් සමය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සැමරීමට සිදුව ඇති බව සඳහන් කරන ජනාධිපතිවරයා දෙවසරකට ආසන්න කාලයක් රට පුරා පවතින කොවිඩ් වසංගත කාලය තුළ පුද්ගල වශයෙන් ද, සාමූහිකව ද,රටක් වශයෙන් ද අපගේ ආගම් විසින් පුහුණු කළ අධ්‍යාත්මික පරිකල්පනය සහ විනය, වසංගතය පාලනය කර ගැනීමට මනා පිටුවහලක් වූ බව ද සිය සුබ පැතුම් පණිවිඩයේ ජනපති දක්වා තිබුණි.

Exit mobile version