අහඹු ඇන්ටිජන් පරීක්ෂණ 50න් 26 දෙනෙකුට වෛරස ආසාදිතයින් බව සනාථ විය

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පාසල් සිසුන් එන්නත්කරණ ක්‍රියාවලියේ දී මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් ෆයිසර් එන්නත ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.

ලබන 24 වැනිදා වයස අවුරුදු 12ට වැඩි ආබාධ හා නිධන්ගත රෝග ඇති දරුවන්ට එන්නත්කරණය ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා ඇත්තේ.

එසේම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මේ වන විට ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය 530ක් දක්වා අඩුවී ඇති බවත් එනිසා තවදුරටත් ඔක්සිජන් ගෙන්වීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් ය.

බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන පස්සර පාලාවත්ත ගම්මානයේද කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසා ඇත.

ඒ අනුව අද (21) දින පාලාවත්ත විහාරස්ථානයේ දී සිදුකරන ලද අහඹු ඇන්ටිජන් පරීක්ෂණවලදීගම්වාසීන් 50කගෙන් 26 දෙනෙකුටම කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.

Exit mobile version