අහිමි වූ කාලය සහ පත්වීම් – ජීවිතයට ඔවදනක්!

අපේ ජීවිතය යනු බලාපොරොත්තු ගොඩකි. එය එසේ වී ඇත්තේ අපේම වරදිනි. බොහෝ දෙනෙකු බොහෝ දේවල් කරනුයේ තමන් මිය යන බව නොදැනය. එසේ නොදැනීම නිසාම මිනිස්සු වේදනා විදිති.  නමුත් ඔවුන් කෙසේ හෝ ජීවත් විය යුතුය.

තමන්ගේ වේදනාවන් නිසාම බොහෝ මිනිස්සු නැවත හැරවිය නොහැකි තරම් වටිනා කාලයක් විනාශ කර ගනිති. ඒ තමන්ගේ වේදනාව නිසා ඒ ගැනම සිතමින් කාලය ගත කරනා බැවිනි. විවිධ කරුණු නිසා ඔවුන් වේදනා විදිති. ඉන් ප්‍රධානතම කරුණක් වන්නේ නිසි කාලයේදී රැකියාවක් නොලැබීම සහ රැකියාව කරන අවධියේ නිසි ලෙස උසස්වීම් නොලැබීම් ආදිය නිසා තව දුරටත් කලකිරීම් ඇති වී රැකියාව හෝ නිසි ලෙස නොකෙරෙන තත්වයක් ඇති වේ. රැකියාවක් නොලැබීම සහ රැකියාව සිදුකරගෙන යන අතරතුර ලැබිය යුතු උසස්වීම් ආදිය නොලැබීම තවත් අර්බුධයකි.

එබැවින් එවැනි අවස්ථාවලදී මනා සිහි බුද්ධියෙන් වැඩකළ යුතු අතර ඔබට ඔබ විසින්ම රැකවරණය ඇතිකරගත යුතු වේ. එසේ නොවුන් විට සිදුවන්නේ අර්බුධය දිගින් දිගටම ගොස් ඔබට රැකියාවල් නොලැබීම සහ තිබෙන රැකියාවද අහිමි වී යාම සහ තවත් අර්බුධ ගණනාවකට මුහුණ දීමට සිදු වීමය. එබැවින් කල්පනාකාරී වන්න. සියල්ලම තවකාලික බව හිතට ගන්න. රැකියාවක් හොයන්න. රැකියාවක් කරන්නේ නම් උසස්වීම් ගැන නොසිතන්න. ලැබෙන් වැටුප ගැන පමණක් සිතා ඔබේ මෙහෙය උපරිම ඉටු කරන්න. එවිට ඔබට ලබිය් යුතු දේවල් සියල්ලම දිනක ලැබෙනු ඇත.

Exit mobile version