ආගමන විගමන දෙපාර්තමේන්තුව සදුදා දිනත් රාජකාරියේ

එළඹෙන සඳුදා (13) දින ආගමන විගමන ප්‍රධාන කාර්යාලය ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සුපුරුදු පරිදි විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා සදහන් කළේ සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බැවින් මෙම තීරණය ගත් බවයි.

Exit mobile version