ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම අපහාසයට ලක් කිරීම වැළැක්වීම සදහා නෛතික විධිවිධාන හදුන්වා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බවට රජය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ සදහා බුද්ධ ශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සදහන්.
ඒ අනුව ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට බෞද්ධ ,ඉස්ලාම් ,හින්දු ,කතෝලික හා ක්‍රිස්තියානි සහ ප්‍රධාන ආගම්වල නායකයින් ,නීති ක්ෂේත්රයේ ප්‍රවීණයින් ,මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියෝජනය කරමින් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.