ආගමික වැඩසටහන් සංවිධානය කරන්නන්ට උපදෙස්

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරන්නේ අනවශ්‍ය අයුරින් ජනතාව ඒකරාශී කර සිදු කරන ආගමික වැඩසටහන් සංවිධායකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි‍

ඊයේ (10) දිනයේ දී තලවකැලේ ප්‍රදේශයේ කෝවිලක පැවති උත්සවයකට මහජනතාව විශාල වශයෙන් සහභාගී වී තිබූ බව වාර්තා වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ.

ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා අවධාරණය කළේ මෙම පූජා උත්සවය සදහා නීතිමය වශයෙන් අවසර ගෙන නොමැති බවත් මීට පෙරත් මෙම ප්‍රදේශයේ මෙවැනි අවස්ථා සංවිධානය කර ඇති අතර ඒ සදහා නඩු ද පවරා ඇති බවයි.

එමෙන්ම ඉදිරි සතිය ඉතාමත් අවදානම් බවත් ආගමික නායකයින්ගෙන් ,දේශපාලඥයන්ගෙන් සහ සමාජ ක්‍රියාකාරීන්ගෙන් කාරුණිකව මෙවැනි ජනතාව එක්රැස් වන වැඩසටහන් සංවිධානය නොකරන ලෙස ද මෙහිදී එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලීම් කර ඇත.

Exit mobile version