ආචාර්ය සන්ජේට ජාත්‍යන්තර තනතුරක්

ඹෟෂධ සහ සෞඛ්‍ය කළමනාකරණය පිළිබද ආචාර්යවරයෙකු වන සංජය පෙරේරා මහතාට ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය සහ ගේට්ස් මගින් ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් වල කොවිඩ් වැලැක්වීම සදහා සම්පත් දායක පුද්ගලයා ලෙස පත් කර තිබේ.

එහිදී ප්‍රධාන තීරණ ගැනීම , ප්‍රතිපත්ති හදුනා ගැනීම, අවශ්‍ය ස්ථානගත කිරීම් සදහා සහය වීම සහ මැදිහත්වීම්, ප්‍රතිපත්ති සහ කාල නීර්ණය සම්පූර්ණ බව සහතික කිරීම් ආදී විශාල වැඩ කොටසක්, මානවයාගේ යහපත් පැවැත්ම වෙනුවෙන් සිදු කිරීමට ආචාර්ය සන්ජේට සිදු වේ.

මෙම තනතුර ලැබීමටත් පෙර සිටම විවිධ පැතිකඩයන් ඔස්සේ පරීක්ෂණ සහ නිරීක්ෂණ ගණනාවක් ඔස්සේ මාධ්‍ය ආයතන පවා දැනුවත් කල ඒ මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලත් ඉන් පරිභාහිරවත් මානවයාගේ පැවැත්මේ යහපත වෙනුවෙන් විශාල සේවයක් සිදු කරන ලදී.

තම අත්දැකීම් සහ නිරීක්ෂණ දිනපතා මාධ්‍ය වෙත ලබා දෙමින්  මානව පැවැත්මේ උන්නතිය වෙනුවෙන් තම කාලයත්, ධනයත් වැය කරමින් ඉටු කල මෙහෙයට තවත් ඇගයීමක් එක් කරමින් ලද මේ ජාත්‍යන්තර සම්බන්දීකරන තනතුරට අපගේ උණුසුම් සුබ පැතුම් ආචාර්‍ය සන්ජේ වෙත පුදකරමු .  

Exit mobile version