ආචාර ධර්ම උල්ලංඝනය කළේ යැයි චෝදනා ලැබූ නීතිඥවරයා නිදහස්.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් භාරදීමේදී නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කළේ යැයි චෝදනා ලබා සිටි නීතිඥවරයෙකු එම චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) නියෝග කර ඇති බව වාර්තා වේ.

2022 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රුසියනු ඒරොෆ්ලෝට් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත්කළ නියෝගයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ගුවන් පාලක මැදිරියට ගොස් භාරදීමේදී නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කළේ යැයි එම නීතිඥවරයාට චෝදනා එල්ලකර තිබුණි.   

ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබාදුන් බව සදහන්.

අදාළ සිද්ධියේදී වගඋත්තරකාර නීතිඥවරයා නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවට කරුණු අනාවරණ වී නොමැති හෙයින් ඔහු එම චෝදනාවෙන් නිදහස් කරන බවත් නඩු තීන්දුවේ සඳහන් විය.

Exit mobile version