ආණමඩුව ,දිවුල්වැව ප්රදේශයෙන් නිවසකින් අතුරුදන් වූ දරුවෙකු පොහොර උරයක දමා ගැට ගසා ලඳු කැලෑවක දමාගොස් තිබිය දී සොයාගත් පුවතක් වාර්තා වී ඇත.
වයස අවුරුදු 04ක් වන මෙම දරුවා ඊයේ (06) පස්වරුවේ තනිව නිවසින් පිටතට ගොස් ඇති අතර එහි දී දරුවාව මෙසේ රැගෙන ගොස් අත්පා ගැටගසා පොහොර උරයක දමා ගැටගසා තිබියදී සොයාගෙන ඇත.
දරුවා හමුවන විට කම්පනයට පත්ව සිට ඇති අතර ආණමඩුව දිසා රෝහල වෙත ප්රතිකාර සඳහා ඇැතුළත් කර ඇත.
දරුවාගේ මව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ නිලධාරීන් විසින් සැකපිට එම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 22ක් වන තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ නමුත් මේ වන තෙක් දරුවා පැහැරගැනීම හේතුව අනාවරණය වී නොමැති අතර ආණමඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.