ආණ්ඩුකාරතැන පොලිසියට කැඳවයි.

මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා විසින් මන්ත්රිවරියන් දෙදෙනෙකුට කරන ලද හිංසනයන් පිලිබඳව මහනුවර පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් අප ඊයේ (05) වාර්තාකරණ ලදී. එසේම එම සිද්ධිය පිලිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුව තුල හැන්සාර්ඩ් කරමින් ඒ පිලිබදව විමර්ශනයක්ද කරන මෙන් ඉල්ලා සිටින ලදී.

2023 01 04 වැනි දින කරන ලද එම පැමිණිල්ලට ඊයෙම (05) ක්‍රියාත්මක වී තිබේ. ඒ අනුව මහනුවර පොලිසියේ දැනුම දීම මත ආණ්ඩුකාරවරයා ඊයේ පස්වරුවේ මහනුවරට පොලිසියට පැමිණ එම පැමිණිල්ලට අවශ්‍ය ප්‍රකාශය ලබා දී තිබේ. එසේම ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

පොලිස් ආරංචිමාර්ග සදහන් කරනා ආකාරයට ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා එම චෝදනාවන් ප්‍රතික්ෂේප කර තිබේ. එසේම එවැනි දෙයක් සිදු නොවූ බවට CCTV දර්ශන තිබෙන බවට ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වේ. නමුත් එම දර්ශන පොලිස් පරීක්ෂණවලින් ලැබී තිබෙන බවටද වාර්තා නොවේ. එසේම ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරී රත්නායක මහතාගේ උපදෙස් මත මහනුවර පොලිසිය වැඩි දුර පරීක්ෂන පවත්වන බව අප වාර්තාකරුවන් පවසයි.

Exit mobile version