පිටකොටුවේ බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම බස්නාහිර ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත නතර කර ඇත.
පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර ඇති කඩ ඉවත් කිරීමට අද (19) පොලිසිය පැමිණියේය.
ඒ බැකෝ රථ සහ ට්රැක්ටර් රථ ද සමඟිනි.
ඉන් අනතුරුව එම ස්ථානයට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයකු පැමිණ කඩ ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව පොලිසිය තාවකාලිකව කඩ ඉවත් කිරීම නතර කරනු ලැබීය.(දිනමිණ)