ආණ්ඩුකාර නියෝගයෙන් අම්මලාට සැනසීමක්

පිටකොටුවේ බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම බස්නාහිර ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත නතර කර ඇත.


පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර ඇති කඩ ඉවත් කිරීමට අද (19) පොලිසිය පැමිණියේය.
ඒ බැකෝ රථ සහ ට්‍රැක්ටර් රථ ද සමඟිනි.


ඉන් අනතුරුව එම ස්ථානයට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයකු පැමිණ කඩ ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව පොලිසිය තාවකාලිකව කඩ ඉවත් කිරීම නතර කරනු ලැබීය.(දිනමිණ)

Exit mobile version