අද පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවය අදට අවසන් කිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ආණ්ඩුවට රතු නිවේදනයක් නිකුත් කරමින් ලබන 17 වැනිදාට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් නොවුනොත් එදාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අහෝසි කරන බවත්, සියලුම පිවිසුම් මාර්ග වසා දැමීමට කටයුතු කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කරන ලදී.
එසේම ඔවුන්ගේ නික්මීම අදට පමණක් බවත්, කොපමණ ශක්ති සම්පන්න බාධක යෙදුවත් ඒවා ගලවා ඉවත් කිරීම අපට සාමාන්‍ය දෙයක් බවද, මිනිස්සුන්ට කන්න නැතිව සිටින වෙලේ අපට ගහපු කදුළු ගෑස් එකක මිල රුපියල් දහනම දහස් ගනනක් බවද ප්‍රකාශ කරන ලදී. එහිදී වැඩි දුරටත් කියා අදහස් දැක්වූ ඔවුන් කියා සිටියේ ඔවුන්ට මාස ගනනක් වුවත් එහි රැදී සිටිය හැකි බවයි.