හෙට (02) කොළඹදී වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව විරෝධතා පා ගමනක් හා රැළියක් පැවැත්වීමට සැළසුම කර ඇත.
මේ සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය , සමගි ජන බලවේගය හා නිදහස් ජාතික සභාව යන දේශපාලන පක්ෂ එක් වීමට ද නියමිතව ඇත.
වත්මන් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන විරෝධතා පා ගමන හෙට මරදාන් එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කර කොටුව දුම්රිය පොළ දක්වා ගමන් කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.
කසේවෙතත් අරගලයේ ක්රියාකාරීන් වූ “ජන අරගලයේ පුරවැසියෝ ” සංවිධානය සහ ” බ්ලැක් කැප්ස් ” සංවිධානය හෙට පැවැත්වීමට නියමිත විරෝධතාවයට සිය විරෝධය පළ කර ඇත.
ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය ප්රකාශ කරන්නේ ජනතාවගේ ජීවන අරගලය පැත්තකින් තබා මොවුන් බල අරගලයක නිරත වන බවයි.
එමෙන්ම ලංකා වාණිජ මණ්ඩලය ඉල්ලා සිටින්නේ රටේ ආර්ථිකය යළි ස්ථාවර වෙමින් පවතින මොහොතක කඩාකප්පල්කාරී ක්රියා සිදු කිරීමෙන් වළකින ලෙස යි.
කෙසේ වෙතත් හෙට දිනයේ මෙම පා ගමන පැවැත්වීමට නියමිතව ඇත.