ඊයේ (09) පාර්ලිමේන්තුවේ සන්කීරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත් වූ ආණ්ඩුපක්ෂ රැස්වීම සදහා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනෙකු සහ අතුරලියේ රතන හිමියන් ද සහබාගී නොවුණු බව වාර්තා වෙයි.
ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, එක්ෂත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු අයද රැස්වීම සදහා සහභාගි වී නැත.
ඒ අතර තතු දත් ආරංචිමාර්ග සදහන් කරන්නේ ඊයේ රැස්වීමට සහභාගී නොවූ මන්ත්‍රීවරු වෙනම එකතු වී එක්ෂත් ජනතා නිදහස් සන්ධානය යටතේ නව වැඩ පිළිවෙලක් සකස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බවයි.