ආණ්ඩුවේ බොරු පුවත් වලට මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගෙන් පිළිතුරු.

අද දිනයේදී විවිධ වෙබ් අඩවි වල සදහන්ව තිබූ ආකාරයට සමගි ජන බලවේගය කිසිසේත්ම ජනාධිපතිවරයා සමග එක්ව ආණ්ඩු පිහිටුවීමට සූදානම් නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය ‌කළේය.

අද දින ඇතැම් වෙබ් අඩවි වල සදහන්ව තිබූ හවුල් ආණ්ඩු පිලිබදව පල වී තිබූ පුවත සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.

එහිදී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ සජබය යනු ජනතාව සමග දේශපාලනය කරන පක්ෂයක් බවත්, ජනතාව හමුවට ගොස් ජනතා ඡන්දයෙන් මිස ආණ්ඩු පිහිටුවීමේ වුවමනාවක් සජබයට නොමැති බවත්ය.

එම නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට දැනුම් දෙන බවද මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කළේය.

මෙවැනි බොරු ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සජබ මහලේකම්වරයා සදහන් කළේය.

මේ අතර මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් තව සුලු මොහොතකින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

Exit mobile version