රත්නපුර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය හා වලව කල්තොට ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධාන එකතුව සහල් නිෂ්පාදනය වී මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්තුවා.
රජය මගින් රුපියල් බිලියන 17 ක් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා බැංකු පහකට ලබා දී ඇති බවත් එම මුදල් මධ්‍ය හා සුළු පරිමාණ මොල් හිමියන්ට ලබාගත නොහැකි බවද ඔවුන් පවසයි.
ඒ ගැන ගොවි සංවිධාන නියෝජිත චමින්ද කුමාර මහතා සඳහන් කළේ මහා පරිමාණ වී මෝල් හිමියන් සහ අතරමැදියන් රුපියල් 75-80 වැනි මිලට වී මිලදී ගන්නා බවත් ගොවීන්ටද කරකියා ගත දෙයක් නොමැති බැවින් එම මුදලට වී ලබාදෙන බවත් රජය මඟින් සහතිකර ඇති රුපියල් 105 ට වී මිලදී ගැනීමට කිසිම කෙනෙකු ඉදිරිපත් නොවන බවත් සුළු හා මධ්‍ය පරිමාන වීමෝල් හිමියන්ට ණය මුදල් ලබා දී තිබුණේ නම් ඔවුන් එම මුදලට වීම් දී ගන්නා බවයි මෙවර වී අලවි මණ්ඩලයද වී මිලදී නොගන්නා බවද ඔවුන් සඳහන් කරයි.
මෙහිදී රත්නපුර දිස්ත්‍රික් සහල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ උපසභාපති ලසන්ත මානවඩු , සමිතියේ සමිතියේ ලේකම් එස්.ජී ගුණදාස එම සංගමයේ අධ්යක්ෂ නිමල් රාජපක්ෂ සහ ගොවිසංවිධාන වෙනුවෙන් චමින්ද කුමාර මහතාද මෙහිදී අදහස් දක්වන ලදී.