ආණ්ඩු පක්ෂයට ළමයින්ගේ විභාගය අවශ්‍ය නෑ.

ඊයේ (29) මාධ්‍ය හමුව පැවැත් වූ අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ඉවත් කිරීමට අවශ්‍ය චෝදනා පත්‍රය සුදානම් බවයි.

විදුලිබල අමාත්‍යවරයා පැවැත් වූ මාධ්‍ය හමුවට ප්‍රතිපිළිතුරු ලබා දෙමින් ඊයේ (29) සංවිධානය කර තිබු විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් මහජන උයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටියේ තමාට එරෙහිව විදුලිබල අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රයට මුහුණ දීමට සුදානම් බවයි.

එමෙන්ම ස්වාධීන කොමිෂන් සභාවකින් දෙන ලද තීරණ අදාළ නිලධාරින් විසින් ක්‍රියාත්මක නොකර සිටීම කොමිෂන් සභාවල ඇති ස්වාධීනත්වයට නිගරු කිරීමක් සහ තර්ජනය කිරීමක් බවත් ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලදී.

සභාපති ජනක රත්නායක ගෝඨාභාගෙන් පෞද්ගලික සභාපති ධුරයක් ඉල්ලා සිටි බව සම්බන්ධයෙන්  සහ   කොමර්ෂල් බැංකු සභාපති ධුර කතාව පිළිබදව විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර තිබු කරුණු පිළිබදව සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් ඉදිරිපත් කර සිටියේය.සියළුම දේවල් සම්බන්ධයෙන් තමා සතුව ලිඛිත තොරතුරු තිබෙන බව ඔහු ප්‍රකාශ කරන ලදී.

සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ සිසුන්ට අවශ්‍ය විදුලිය ලබා දීමට අමාත්‍යවරයාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. එමෙන්ම දේශපාලන අධිකාරියේ අත්තනෝමතික ක්‍රියා පටිපාටිය නිසා සිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කර එය කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. මෙහිදී පැහැදිලිවම දක්නට ලැබුනේ උසස් පෙළ සිසුන් වෙනුවෙන් විදුලිය ලබා දීමටත් ඉන් සිදුවන පාඩුව ඉදිරි විදුලිබල සංශෝධනයෙන්  කර ගැනීමට කටයුතු කිරීම යන සාදනිය තීන්දුවකි.නමුත් එයට ඉඩ නොදී කාංචන විජේසේකර මහතා මේ ආකාරයෙන් කටයුතු කිරීම නුසුදුසුය . එසේම ඔහු ප්‍රකාශ කරනුයේ ජනක රත්නායක ඉවත් කිරීම සදහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු එකග වූ බවය.විදුලි කැපීමට එරෙහිව සියලු ජනතාව තම අදහස් ප්‍රකාශ කරද්දී ආණ්ඩු පක්ෂය දරුවන්ට එරෙහිව කටයුතු කිරීම කනගාටුවට කරුණකි.

කෙසේ වෙතත් විදුලි බිල වැඩි කිරීමද තවත් ජනතා ප්‍රශ්න දහසකට මුහුණ දීමට සිදුවන ප්‍රධාන කරුණක් වන බැවින් කාංචන විජේසේකර මහතා පමණක් නොව රජයේ සියලු මැති ඇමතිවරුන් වැඩ කල යුත්තේ මිට වඩා වගකීමෙනි . එසේ නොමැතිව වැඩ කිරීම යනු අරගලයෙන් ඔබ්බට ගිය ලේ වැගිරීමක් සිදුවිය හැකිය . එබැවින් මෙරට පාලක පන්තිය දැන්වත් මහජන හඩට ඇහුන්කන් දිය යුතුමය .

Exit mobile version