පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේ මේ වන විට රට තුළ මතුව ඇති පොහොර ගැටලුව පිළිබඳව සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරුන් ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතව ඇති බවයි.
රජය විසින් රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමත් සමග ගොවීන් මේ වන විට විශාල පොහොර අර්බුදයකට මුහුණ දී ඇත.
ඒ හේතුවෙන් ගොවීන් මුහුණ දී ඇති දුශ්කරතා පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ඒ සඳහා යම් සහනයක් ගොවීන්ට ලබා දීම සම්බන්ධයෙන් ජනපති සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.