ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ දී තරුවලට කැමති පැංචන්ට අගනා අවස්ථාවක්.

දෙසැම්බර් මස 10 සහ 11 දෙදින තුළ දී  තාරකා විද්‍යාවේ මූලික සිද්ධාන්ත හා නිරීක්ෂණ ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය භාවිතා කරමින් සිදුකරන ප්‍රායෝගික  ක්‍රියාකාරකම් ඇතුළත් වැඩමුළුවක් පැවැත්වීමට නියමිතව ඇත.

දරුවන්ගේ තාරකා විද්‍යා දැනුම ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා වයස අවුරුදු 13ට වැඩි දරු දැරියන් සඳහා අයදුම්පත යොමු කිරීමේ හැකියාව පවතියි.

ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ දී මෙම වැඩමුළුව පැවැත්වෙන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 651566 දුරකථන අංකය ඔස්සේ දැනගැනීමේ හැකියාව පවතියි.

මේ අතර මෙම වැඩමුළුව සඳහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් මස 30 වනදාට ප්‍රථම යොමුකළ යුතු බව ද දැනුම් දී ඇත.

Exit mobile version