මේ වන විට ලෝකයේම උණුසුම් පුවත වන්නේ ගෝටාභය රාජපක්ෂ මහතාය. ඔහු ලෝක වාර්තාවක් ද දැන් තබා ඇත. ඒ ඔහුගේ ගුවන් ගමන ලෝක ඉතිහාසයේ වැඩිම පිරිසක් නිරීක්ෂණය කර තිබීමයි. අප ඒ පිලිබදව අද (14) දහවල් වාර්තා කළේය.
ජනාධිපතිවරයාගේ ඉවත් වීම පිලිබදව ලිපි දෙකක් මේ වන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙයි. එකක අත්සන ඇත. අනෙකේ නැත. මේ වන විට කතානයකවර්යා ඒ පිලිබදව නිවේදනයක් නිකුත් කර තිබේ. සමාජ මාද්‍ය පරිශීලකයන් විවිධ පිළිතුරු ලබා දෙමින් කතානායකවරයා ආමන්ත්රනය කර තිබේ. කතානායකවරයාගේ නිවේදනය පහතින් බලන්න
“සිංගප්පූරුවේ සිට ඉල්ලා අස්වීමේ ලිපිය E – Mail කරද එහි මුල් පිටපත අවශ්‍යව තිබෙන බවත් එකී මුල් පිටපතේ නිවැරදි අත්සන තිබෙනවා ද යන්න පිළිබඳව නිශ්චිතව තහවුරු කරගත යුතු බවත් සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණීමට නියමිත මීළඟ ගුවන් යානයෙන් එකී ලිපියේ මුල් පිටපත ගෙන්වාගැනීමටත් එය නිතීපතිවරයා වෙත යොමුකිරීමෙන් පසුව එහි නිත්‍යානුකූලභාවය තහවුරු කරගැනීමෙන් පසුව හෙට (15) උදෑසන එය ප්‍රකාශ කිරීමට නියමිතයි.
- කථානායක මාධ්‍ය අංශය –