ශ්‍රී ලංකාවේ පවතින අරගලයේ ඉහලින්ම සිටින්නේ තරුණ පරපුරයි. තාරුණ්‍යයේ නැගී සිටීම් හමුවේ බොහෝ අනපනත් පවා හකුලා ගැනීමට ශ්‍රී ලංකාවේ පාලකයන්ට සිදු විය. විවාහ වී දරුවන්ගේ වගකීම්වලින් බැදෙන්නට පෙර බොහෝ තරුණයන්ගේ ශක්තිය සහ සිතීම වෙනස්ය. මේ පහත දැක්වෙනුයේ අරගලකරුවන්ගේ සිතිවිල්ලකි. උපුටා ගැනීම ඔවුන්ගේ පිටුවලිනි
“දහස් ගනන් රට අතහැරල නීත්‍යානුකූලව පිටරට යනව. එහෙම බැරි සමහරු නීත්‍යානුකූල නොවන ලෙස පැනගන්න උත්සාහ කරනව. ඔවුන්ව navy එකෙන් අල්ලනව.
මේ දෙකම බැරි මිනිස්සු රට තුලම දැවි දැවී ජිවත්වෙනවා.
මිනිස්සුන්ට දැනෙන පීඩාව මෙච්චර වෙද්දි පාර්ලිමෙන්තුවෙ ඉන්න හැතිකරේ උන්ගෙ බලේ රැකගන්න දත කනව.
උන්ගෙ හොරකම්වල ගසා කෑම්වල ගොන් තීරණවල මුලු බර ජනතාව මත පටවනව. මහ එකා අසමත් එකෙක් ලෙස යන්න බෑ තව ඉදගෙන try කරන්න ඕනෙ අත්හදා බලන්න ඕනෙ කියනව.
ලෝකෙ කොහෙවත් නැති දේශපාලන වණයක් කුෂ්ඨයක් බවට රට දැන් පත්වෙලා. ඒත් අපිට දේශපාලනේ වැඩක් නෑ අපි ආවෙ ක්‍රිකට් බලන්න විතරයි කියන මානසිකත්වෙ ඉන්න හරක් රැලකුත් මේ රටේ ඉන්නව. ආත්මෙ පාවදීල කටු කන බයියො රැලකුත් ඉන්නව.
ශ්‍රී ලංකාව, රටක් ලෙස කෝටි දෙකක උබල මේ අවනීතියට මේ දූෂිත දේශපාලනේට එරෙහිව නැගිටින්නෙ කවදාද?????????????
පාලකයො උන්ගෙ ලැජ්ජ නහර අයින් කරල, උබල උබලගෙ කොදු නාරටි අයින් කරගෙන.”