මධ්‍යම කදුකරයේ පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ ලක්ෂපාන ඇමිල්ටන් ප්‍රදේශයේ හා හැටන් ලෙතන්ටි ප්‍රදේශවල ලදු කැලැ තුල 20වන දින හටගත් ගින්නක් හේතුවෙන් එම ලදු කැලැවල අක්කර ගණනාවක් විනාශයට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ හා හැටන් පොලිසියේ නිලධාරින් දෙදෙනකු පවසන ලද්දේ ලක්ෂපාන ඇමිල්ටන් ප්‍රදේශයේ හා ලෙතන්ටි ප්‍රදේශයේ ලදු කැලැ තුල හටගෙන ඇති ගින්න මැඩ පැවැත්විම සදහා පොලිස් නිලධාරින් පිරිසක් පිටව ගිය බවත්ය.
මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වය හා සුළං තත්වයන් හේතුවෙන් ගින්න වේගයෙන් ව්‍යාප්ත වන බවත් මෙම තත්වයන් මත මෙම කැලැ තුල හටගෙන ඇති ගින්න මැඩ පැවැත්විම අසිරු තත්වයක පවතින බවද එම නිලධාරින් පවසති.
මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත මෙම කැලැ තුල ජිවත්වන කුඩා සතුන් දඩයම් කිරිමේ අරමුණ මත සිදුකරනු ලබන මෙම කැලැ ගිනි තැබිම් හේතුවෙන් මේ වන විට මෙම ප්‍රදේශයේ කැලැ අක්කර ගනනාවක් විනාශයට පත්ව ඇති බවත් මෙසේ කැලැ ගිනි තබන පුද්ගලයන් පිලිබද යම් තොරතුරක් දන්නේ නම් ඒ පිලිබදව ලගම ඇති පොලිසිය දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.