ආදරය ගුලිකර ගනිමින් දඬු ගඟට පැනි යුවළ.

මිනුවවන්ගොඩ, කොටුගොඩ, ඕපාත පාලමෙන් දඬු ගඟට සියදිවි හානිකර ගැනීම සඳහා පැන තිබූ යුවළගෙන් තරුණියගේ සිරුර හමුව තිබේ.

කෙසේ නමුත් තරුණයාගේ සිරුර මේ වන තෙක් හමුව නොමැති අතර ඔහුගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙසේ සියදිවි නසා ගැනීම සඳහා දඬු ගඟට පැන තිබූ තරුණියගේ වයස අවුරුදු 26ක් වන අතර තරුණයා වයස අවුරුදු 29ක් වේ.

මෙම තරුණ යුවළ ප්‍රේමසම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇති නමුත් සියදිවි නසා ගැනීමට හේතු සාධක තවමත් අනාවරණය වී නොමැත.

Exit mobile version