බාල වයස්කාර පාසැල් සිසුවියක් හා 20 හැවිරිදි තරුණයෙක් ගලේවෙල ආදාගල ප්‍රදේශයේ පාළු නිවසක ගෙළ වැලලාගෙන මියගිය පුවතක් වාර්තා වේ,
මිය ගිය දෙදෙනා මීට පෙර අවස්තාවකදීද ඔහුන්ගේ ප්‍රේම සම්බන්දතාව මුල්කොට ගෙන නිවසින් පැනගොස් සිටිය බව පොලීසිය ප්‍රකාශ කරයි.
එහිදී පොලීසිය විසින් ඔහුන් සොයා අදිකරණයට ඉදිරිපත් කොට දැරිය පරිවාස සොයාබැලීම් යටතේ මවටත් තරුණයා ඇප මතත් නිදහස් කොට ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.
මේ අතර මෙම සිදුවීමට දින කිහිපයකට පෙර නැවතත් මොහුන් දෙදෙනා නිවෙස් වලින් පැනගොස් තිබේ.
මෙසේ පැනගිය දෙදෙනා තරුණයාගේ මගපෙන්වීම මත ආදාගල ප්‍රදේශයේ පාළු නිවසක රැදී සිට ඇති බව පොලීසිය සදහන් කර තිබේ,
මොහුන් දෙදෙනා පිලිබදව තරුණියගේ මවට ලැබුණු තොරතුරක් අනුව මව එම පාළු නිවසට මොහුන් දෙදෙනා සොයා යනවිට දෙදෙනාම ගෙල වැලලාගෙන එල්ලී සිට තිබේ.